ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට හේතුව

Date:

රට තුළ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාරගේ මහතා අද (10) පැහැදිලි කිරීමක් සිදු කළේය.

එහිදී ඔහු සඳහන් කළේ, එකවරම ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් වැඩිවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාරගේ මහතා,

“අපි සාමාන්‍යයෙන් මිල වැඩි කරන්නේ පසුගිය මාසයේ තියෙන තෙල් මිල ගැලපුම් කරලා. නමුත් අපි සතුව ස්ථිර වශයෙන් දින 30කට ඉන්ධන තොග තිබුණත් ලබන මාසය සඳහා එන නැව්වල ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යමින් තිබෙනවා.”

“එතකොට අපි බලාපොරොත්තු වුණා අපි සතුව දැනට තිබෙන ඉන්ධන තොග ප්‍රවේසම් කරමින් මිල සාමාන්‍යකරණයක් කරන්න.”

“ඒ අනුව එකවර ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් වැඩිවීම වළක්වා ගැනීම සඳහා සහ තිබෙන තොග ප්‍රවේසමෙන් මාස අතර බෙදලා පරිහරණය කිරීම සඳහා අපි මිල සාමාන්‍යකරණය කළා.”

“ඉන්ධන එක්රැස් කිරීමේ ජාවාරම්කාර තත්ත්වයන් පාලනය කිරීම, පෝලිම් නිර්මාණය නොවී ජනතාවට එකම මිලකට දීර්ඝ කාලීනව ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.”

“ලෝක වෙළෙඳපොළේ මිල අඩු වුණොත් ඊළඟ දින කිහිපය ඇතුළත අනිවාර්යයෙන්ම අපේ ඉන්ධන මිල අඩු කරන්න පුළුවන් වෙනවා.”

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉකුත් මාර්තු පළමුවැනිදා ඉන්ධන මිල සංශෝධනය කළද , ඉන් දින 9කට පසු ඊයේ (09) රාත්‍රියේ නැවත වරක් සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 317කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් ඉහළ නැංවූ අතර එහි නව මිල රුපියල් 365ක් වෙයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ නැංවූ අතර එහි නව මිල රුපියල් 303කි.

ලංකා සුපිරි ඩීසල් රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 353ක් වෙයි.

භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින් ඉහළ නැංවූ අතර එහි නව මිල රුපියල් 195කි.

සෙසු ඉන්ධන සමාගම්ද ඊට අනුරුපීව සිය මිල ගණන් ඉහළ නංවා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...