12 වෙනිදා පැය 16ක ජල කප්පාදුවක්

Date:

මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා අනිද්දා (12) පෙ.ව 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව මීගමුව මහ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශවල, කටාන ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශය හා ඇතියාවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කෝන්ගොඩමුල්ල, හල්පේ, ඇණ්ඩිමුල්ල, අම්බලයාය, තොප්පුව, වයික්කාල යන ග්‍රාම නිලධාරී වසමට මෙලෙස ජල කප්පාදුව බලපැවැත්වේ.

බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය දැනුම් දෙයි.

මේ පිළිබඳව කනගාටුව පළ කරන අතර, ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ද ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය නතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...