ආපදා අවස්ථවන් වල රාජකාරි කළ නිලධාරීන්ට දීමනාවක්

Date:

විස්තීරණ ආපදා අවස්ථාවන්හිදී රාජකාරි කටයුතු සිදු කරනු ලබන රජයේ නිලධාරීන් සඳහා දීමනා ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විස්තීරණ ආපදා අවස්ථාවන් හිදී සහ පශ්චාත් ආපදා කාලසීමාවන් තුළ රාජකාරි කටයුතු සිදු කරනු ලබන රජයේ නිලධාරින් සඳහා දීමනා ගෙවීම පිණිස එවකට රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් 2019-09-01 දිනැති චක්‍ර ලේඛය මඟින් අදාළ උපදෙස් නිකුත් කරනු ලැබ ඇත. වර්තමානයේ පවත්නා ආර්ථික තත්ත්වයන්ට ගැලපෙන ලෙස එකී දීමනාවන් කාලානුරූපීව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය,

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිරීක්ෂණ සහ යෝජනා මත පදනම්ව, දැනට බලපවත්නා අදාළ දීමනා 100%කින් ඉහළ නැංවීමටත්, 2025 -11-21 දින සිට 2025-12-15 දක්වා වූ විස්තීරණ ආපදා අවස්ථාවේදී රාජකාරි කටයුතු සිදු කළ හා ‍මින් ඉදිරියට සිදු වන විස්තීරණ ආපදා අවස්ථාවන් හිදී රාජකාරි කටයුතු සිදු කරනු ලබන රාජ්‍ය නිලධාරීන්ට එකී දීමනා ගෙවීමටත් හැකිවන පරිදි චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...