ඉකුත් වසරේ (2025) දෙසැම්බර් මාසයේදී සියයට 2.9ක් (දෙකයි දශම නමයක්) ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 2.4 ක් (දෙකයි දශම හතරක්) දක්වා අඩු වී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී සියයට 4.4 ක් (හතරයි දශම හතරක්) ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ඉකුත් ජනවාරි මාසයේ දී සියයට 3.4 ක් (තුනයි දශම හතරක්)දක්වා අඩු වී ඇත.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) සියයට 1.6 ක් (එකයි දශම හයක්)ලෙස පැවති අතර,මේ වසරේ ජනවාරි මාසය සඳහා ද එම අගය නොවෙනස්ව පවතී.




