අද සිට තැපැල් ගාස්තු සංශෝධනය වෙයි

Date:

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව මෙතෙක් මෙතෙක් පැවැති සාමාන්‍ය ලිපියක ගාස්තුව රුපියල් 50 සිට 70 දක්වා ඉහළ දමා ඇති අතර ලියාපදිංචි තැපැල් ගාස්තුව පෙර පැවති රුපියල් 60 මිලෙහිම පවතියි.

සාමාන්‍ය සහ ව්‍යාපාරික ලිපි සේවාවේ මුලික බර පංතිය ග්‍රෑම් 20 සිට ග්‍රැම් 30 දක්වා සංශෝධනය කර ඇති අතර පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වා සංශෝධනය කර ඇති බව ද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පුණ්‍යොයතන, සමාජ සේවා, ස්වෙච්ඡා සංවිධානවලින් තැපැල් කරන ලිපි සදහා මෙතෙක් අය කළ රුපියල් 30ක ගාස්තුව රුපියල් 50 දක්වාද ඉහළ දමා තිබේ.

අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු වෙත තැපැල් භාණ්ඩ ලියාපදිංචිය වෙනුවෙන් ලබාදෙන විශේෂ සේවාව යටතේ අයකළ ගාස්තුව රුපියල් 110 සිට 130 දක්වා ඉහළ දමා ඇති අතර තැපැල් පතක ගාස්තුව රුපියල් 20 සිට 40 දක්වා ඉහළ ඇත.

කෙසේවෙතත් සාමාන්‍ය පාර්සල් ගාස්තුව සහ ශ්‍රී ලංකා පෝස්ට් කුරියර් සේවාව සඳහා අයකරන ගාස්තු සංශෝධනය නොකරන බව ද තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

ඊට අමතරව තැපැල්පත් ගාස්තු ප්‍රචාරණ තැපැල් සේවාව, ටෙලිමේල් සේවාව, මුද්දර කවර, තැපැල් මළු සේවාව, ගාස්තු නොගෙවූ හෝ අඩුවෙන් ගාස්තු ගෙවූ තැපැල් භාණ්ඩ සදහා අවම අධි භාරය ද සංශෝධනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...