එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.

එංගලන්තය හමුවේ කොළඹදී ඊයේ (27) අවසන් වූ තරගාවලිය තරග 2-1ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස 5වන ස්ථානයේ සිට 6වන ස්ථානය දක්වා පසුබැස ඇත.

කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායම තවමත් 8වන ස්ථානයේ රැඳී සිටින අතර, ඔවුන්ට ඉදිරියෙන් (7 වන ස්ථානය) ඇෆ්ගනිස්තානය පසුවීම සුවිශේෂීය.

එංගලන්තය ඊයේ ලැබූ තරගාවලි ජය සැලකෙන්නේ එය ඔවුන් 2023 වසරෙන් පසු තම රටින් පිටතදී ලැබූ පළමු එක්දින තරගාවලි ජය ලෙසය.

මෙම ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ ඉන්දීය කණ්ඩායම පසුවේ.

එහි දෙවන ස්ථානයේ නවසීලන්තයත්, තෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියාවත් රැඳී සිටින අතර, පාකිස්තාන කණ්ඩායමට 4වන ස්ථානය හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...