ජෝන්ස්ටන්ගේ වෙනත් නඩුවක් කල් යයි

Date:

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවදියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 04 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අවස්ථාවේදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ එම විත්තිකරුවන් දෙදෙනා වැලිසර මහෙස්ත්‍රත් අධිකරණය මඟින් වෙනත් නඩුවක් සඳහා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන බවය.

ඒ අනුව මෙම නඩුව යළි මාර්තු මස 04 වනදා සහ 18 වනදා විභාගය සඳහා යළි කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුට පෙනී සිටි ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියම කළේය.

එදින විත්තිකාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් දෙදෙනා රිමාන්ඩ් සිටියේ නම් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කර සිටියේය.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඒ අනුව විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා වරෙන්තු නිකුත් කර තිබුණි.

ඉන් පසුව විමල් විරවංශ මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර ඉන් අනතුරුව වරෙන්තු ආපසු කැඳවීමට නියම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...