පෙම්වතාගේ නිරුවත සමාජ මාධ්‍ය වෙත මුදාහැරි ඉංජිනේරුවරිය අත්අඩංගුවට

Date:

සිය පැරැණි පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බව කියන පරිගණක ඉංජිනේරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය කන්දර්මඩම් හි පදිංචි 25 හැවිරිදි තරුණ පරිගණක ඉංජිනේරුවරියක් බව පොලිසිය පවසයි.

තම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයක් ඔස්සේ බෙදාහැර ඇති බවත් එය තම පෙර පෙම්වතිය විසින් සිදුකර ඇති බවත් කියමින් යාපනය ප්‍රදේශයේ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් සිදුකර තිබිණී.

ඒ අනුව එම කොට්ඨාසයේ උතුරු පළාත් ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමූහයකට මුදාහැර ඇත්තේ පැමිණිලිකරුගේ පෙර පෙම්වතිය බවට එහිදී අනාවරණය වී ඇත.

මේ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මීට වසර පහළොවකට පමණ පෙර සිට පැමිණිලිකරු හා පෙම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් පෙම්වතා මැයගෙන් වෙන් වීම හේතුවෙන් ඇය දැඩි සිත්තැවුලකට හා වේදනාවකට ලක්ව සිට ඇති බවත් ඒ හේතුවෙන් පළිගැනීමක් ලෙස මෙම ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති බවත් අනාවරණය වී ඇත.

සැකකාරිය යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. කරුණාරත්නගේ උපදෙස් මත උතුරු පළාත් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුකුමාර ඇතුළු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...