නුවරඑලිය ග්‍රෙගරි වැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් (07) දින දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කළ බව නුවරඑලිය පොලිසිය පවසයි.
එම ගුවන් යානය නුවරඑලියට පැමිණ සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යැමට පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේය.
ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදවාගෙන ඇත.




