මහනුවර – වත්තේගම අතර දුම්රිය මසකට අධික කාලයකින් පසුව ගමන් අරඹයි

Date:

සුළි කුණාටුවත් සමග ඇති වූ නාය යාම් නිසා මසකට අධික කාලයක් නතර වූ මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වත්තේගමට සීමා කරමින් දිනකට පරීක්ෂණ මට්ටමේ දුම්රිය ගමන්වාර දෙකක් ආරම්භ කළ බව මහනුවර දුම්රිය ස්ථානය පවසයි.

ඒ අනුව දුම්රිය මගීන්ට ද විවෘතව දිනකට දුම්රිය ගමන් වාර දෙකක් අද(06) සිට ධාවනය කිරීමේ කටයුතු ආරම්භ වූ අතර පාන්දර 05.00 ට මහනුවරින් වත්තේගම බලා පිටත් වන දුම්රිය පාන්දර 05.45 ට වත්තේගමෙන් යළි මහනුවර බලා පිටත්වීමට නියමිතය.

යළි දහවල් 02.00 ට මහනුවරින් වත්තේගම බලා පිටත් වන දුම්රිය දහවල් 02.45 ට වත්තේගමෙන් මහනුවර බලා පිටත් වීමට නියමිත බව මහනුවර දුම්රිය ස්ථාන ප්‍රකාශකයෙක් කියයි.

මෙම ගමන් වාර දින 04 කට සීමාවන බවද දුම්රිය ස්ථාන ප්‍රකාශකයෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...