රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Date:

වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන බවත් නොවැම්බර් මාසය වනවිට එම ආදායම ඉක්වමවූ ආදායම් රැස් කිරීමට හැකි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය.

ඒ අනුව නොවැම්බර් මාසය වන විට මෙම ආදායම රුපියල් බිලියන 2115 සිට රුපියල් බිලියන 2231ක් දක්වා සංශෝධන කරනු ලැබූ බවත් එහිදී ඔහු පැවසීය.

කෙසේවෙතත් එම සංශෝධිත ඉලක්කයද මේ වන විට ඉක්මවා ගොස් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පැවසුවේ රේගුව තුළ ගෙන තිබු විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ඉහළ ආදායම උපයා ගැනීමට හැකිවු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා,

”මෙම වසරේ ආදායම් ඉලක්කය සකස් කරන කොට ගිය වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1531 මේක මේ වසරේ රුපියල් බිලියන 2115 විදිහට ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ දැම්මේ වාහන ආනයන කිරීම සඳහා 2025 අවුරුදේ දී අවසර ලබා දෙනවා කියලා තීන්දුව අරන් තිබුණා ඒකත් සැලකිල්ලට අරන්.. එහෙම තමා ආදායම් ඉලක්කය සකස් කරලා තිබ්බේ.. හැබැයි එම ආදායම් ඉලක්කය ඉක්මවා යන්න වාහන ආනයනය හේතුවක් වුණා වගේම විශාල වශයෙන් බලපෑම් වුණා රේගුව තුළ අරන් තිබුණ විවිධ ක්‍රියාමාර්ගයන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...