දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ශ්‍රමිකයින් 374,000කගේ රැකියා අහිමි වී ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.
පසුගිය නොවැම්බර් මස අගදී ඇති වූ සුළි කුණාටුවත් සමඟ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙලෙස ශ්‍රමිකයින්ට පීඩාවට පත්ව ඇති අතර, එයින් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 48ක් දක්වා පාඩුවක් සිදුව ඇති බවට ද එම සංවිධානය ඇස්තමේන්තු ගත කර ඇත.




