අනතුරක් වළකා ජීවිත් 14ක් බේරාගත් බස් රථ රියදුරු

Date:

බදුල්ල සිට අනුරාධපුරය බලා අද (12) ධාවනය වෙමින් තිබූ කැකිරාව ලංගම ඩිපෝවට අයත් බස්රථයක තිරිංග අක්‍රීය වූ අවස්ථාවේ බස්රථය වේල්ලකට අල්ලා මගීන් 14 දෙනාගේ ජිවිත බේරා ගැනීමට බස් රථ රියදුරු සමත්ව තිබේ.

බස්රථය පෙ.ව. 6.35 ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කර බදුල්ල මහියංගණය මාර්ගය ඔස්සේ ඉදිරියට යදී බදුල්ල දුන්හිද වංගුව අසලදී බසයේ තිරිංග අක්‍රීයවූ බවත් තමා වහාම බස්රථය වේල්ලකට අල්ලා නතර කර ගත් බවත් රියදුරු ජනක තුෂාර පැවසීය.

සීරිමක් වත් නොවී මගීන් සියළු දෙනාගේ ජීවිත ආරක්ෂාවූ බවත් එසේ නොකලේනම් බස්රථය අඩි දහස් ගණනක ප්‍රපාතයට පෙරලී විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

බසයේ කොන්දොස්තර වූ සුමේධ පියලාල් මහතා පැවසුවේ, බස් රථයේ තිරිංග නැහැයි රියදුරා පැවසූ අතර බසය වහාම වේල්ලකට අල්ලා නතර කරන්නැයි තමා පැවසූ බවයි.

මම මගීන්ට කිව්වා හයියෙන් අල්ලා ගන්න කියල රියදුරු මහත්තයා ගානට වේල්ලට ඇල්ලුවායැයිද ඔහු පැවසීය.

පසුගිය කාලය තුල මෙම ඉසව්වේ මාරක අනතුර කීපයක් සිදුවූ අතර ඒ සියල්ලටම හේතුවූයේ තිරිංග දෝෂ බව බදුල්ල පොලිසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් මිල පහළට

මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින...

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...