ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙන උදුවප් පොහොය අදයි

Date:

උදුවප් පොහොය යෙදෙන අද (4) දිනයෙන් ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙයි.
ඒ අනුව උදුවප් පෝයෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමය ලබන 2026 වසරේ වෙසක් පොහොයෙන් අවසන් වෙයි.

අනාදිමත් කලෙක සිට සිදු කෙරෙන ශ්‍රිපාද වන්දනා වාරය ආරම්භ කිරිමේ මෙවර චාරිත්‍ර ද එලෙසම සිදු කරම්න් ශ්‍රිපාද වන්දනාවාරය ආරම්භ කිරිම සඳහා සමන් දේව ප්‍රතිමා අද (03) පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජ මහා විහාරස්ථානයේ සිට ශ්‍රිපාද වන්දනා මාර්ග හතරක් ඔස්සේ ශ්‍රිපාදස්ථානයට වැඩම කරවන බව ශ්‍රිපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසුවා.

පැල්මඩුල්ල සිට හැටන් නල්ලතන්නිය දක්වා එක් පෙරහරක්ද, කුරුවිට මාර්ගයේ තවත් පලාබද්දල රජ මාවත ඔස්සේ තවත් පෙරහරකින්ද, බළන්ගොඩ බගවන්තලාව හරහා තවත් රථ පෙරහරකින්ද සමන් දේව ප්‍රතිපාතය වැඩම කරවීම සිදු කෙරයි.

එම අසිරිමත් පෙරහරට පූජෝපහාර දක්වමින්, මග දෙපස රැස්ව සිටින දස දහස් සංඛ්‍යාත පිරිසක් සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමට සුදානම්ව සිටිනවා.

මාර්ග හතරක් ඔස්සේ සිදු කෙරෙන මේ සුවිශේෂී පෙරහර ලංකාවේ දිගම ආගමික පෙරහර ද වේ.
ස්වභාවික විපත් නිසා රට මුහුණ දි සිටින දුෂ්කර තත්වයෙන් ඉක්මනින් ගලවා ගන්නා ලෙස ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙවර වන්දනාවාරයේ සියලු වත් පිළිවෙත් පෙර පරිදිම ඉටු කරන බව ශ්‍රිපාදස්ථානාධිපති නාහිමියන් පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු පැතිරී ගියද පසුගියදා ඇතිවු ස්වභාවික ව්පත් නිසා ශ්‍රිපාදස්ථානයට කිසිදු හානියක් සිදුව නැති බවත් සමනළ කන්ද නිරුපද්‍රිත බවත් උන්වහන්සේ සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...