ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට වෙනිසියුලාවෙන් ප්‍රතිචාර

Date:

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලා රජයට කළ අනතුරු ඇඟවීමට වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ ප්‍රතිචාර දක්වා තිබෙනවා. වෙනිසියුලානු ජෙට් යානා අමෙරිකානු නාවික නැව්වලට ඉහළින් පියාසර කර අනතුරක් සිදුවුවහොත් එම යානාවලට වෙඩි තබා බිම හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබුණා. ඊට ප්‍රතිචාර දැක්වූ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ පවසා ඇත්තේ තම රට පිළිබඳ එක්සත් ජනපද චෝදනා සත්‍ය නොවන බවත්, මිලිටරි ගැටුමක් සාධාරණීකරණය නොකරන බවත්ය. වෙනිසියුලාව සැමවිටම සංවාදයක යෙදීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා පැමිණෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බවයි නිකොලස් මධුරෝ පවසා සිටියේ. අමෙරිකානු ජනාධිපතිවරයාට ලබා දෙන බුද්ධි වාර්තා සත්‍ය නොවන බවත් වෙනිසියුලාව අද මත්ද්‍රව්‍යවලින් තොර රටක් වන බවත් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කරන රටක් වන බවයි නිකොලස් මධුරෝ වැඩිදුරටත් පැවසුවේ. මිලිටරි තර්ජනය හරහා පාලන තන්ත්‍ර වෙනසක් අපේක්ෂා කරන බවටද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ එක්සත් ජනපදයට චෝදනා කර තිබෙනවා. වෙනිසියුලානු අපරාධ සංවිධානයක් වන ට්‍රනේඩි අරගුවාට අයත් යැයි පැවසූ මත්ද්‍රව්‍ය බෝට්ටුවක් කැරිබියන් දූපත්වලදී අමෙරිකානු හමුදා විසින් පුපුරුවා හැර 11 දෙනෙකු ඝාතනය කර තිබුනා. එම මාරාන්තික අමෙරිකානු ප්‍රහාරයයෙන් අනතුරුව දෙවනවරටත් අමෙරිකානු නෞකාවක් අසල වෙනිසියුලානු හමුදා ගුවන් යානා පියාසර කිරීමෙන් පසුවයි ජනාධිපතිවරයා විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබුනේ. වෙනිසියුලාවෙන් මත්ද්‍රව්‍ය ගලා එන බවත්, එක්සත් ජනපදයේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති කල්ලියක් වන ට්‍රනේඩි අරගුවාහි සාමාජිකයින් එහි ජීවත් වන බවත් එහිදී ට්‍රම්ප් පවසා තිබෙනවා. මත්ද්‍රව්‍ය ගලායාම වැළැක්වීම සඳහා අතිරේක නාවික යාත්‍රා සහ මැරීන් භටයින් මෙන්ම නාවිකයන් යෙදවීමට එක්සත් ජනපද හමුදාව පියවර ගෙන ඇති අතර දකුණු කැරිබියන් කලාපය තුළ සිය හමුදා ශක්තිය වර්ධනය කිරීමටත් පියවර ගෙන තිබෙනවා. ජනවාරි මාසයේ නැවත බලයට පත්වීමෙන් පසු, ට්‍රම්ප් ලතින් අමෙරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ඔහුගේ උත්සාහයන් ක්‍රමයෙන් තීව්‍ර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ, එක්සත් ජනපදය ඉහළ පෙළේ වෙනිසියුලානු නිලධාරීන්ට මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය, දූෂණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...