හලාවත මහ රෝහල තාවකාලිකව වසා දමයි

Date:

හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි.

රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ රෝහල මේ වන විටත් ජලයෙන් යටවී ඇති බවත් මේ වන විටත් රෝහල අඩි පහකට වඩා ජලයෙන් පිරී ඇති බවත්ය.

මේ හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අසාධ්‍ය රෝගීන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් කොළඹ හා පුත්තලම රෝහල් වෙත පිටත් කර යැවූ බවත් ඒ සමග අනෙක් රෝගීන් ගංවතුර මට්ටම් යම් තරමින් පහව යාමත් සමග නාවික හමුදාව හා යුධ හමුදාව මැදිහත්ව වාරියපොල හා කුරුණෑගල රෝහල් වෙත යැවීමටද කටයුතු කළ බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.

එමෙන්ම ජලයෙන් යටවීමත් සමග රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයට පවා හානි සිදුව ඇති බවත් වාට්ටු ජලයෙන් පිරී යාමත් සමග බරපතල ගැටළු රැසකට මුහුණ දෙන්නටද සිදුවූ බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

ඒ අනුව රෝහල නැවත යථා තත්ත්වයට පත් කිරීමෙන් පසුව යළි විවෘත කිරීමේ හැකියාව ඇති බවත් ඒ සඳහා ගතවන දින වකවානුවක් පැවසිය නොහැකි බැවින් යළි දැනුම්දෙන තුරු කිසිදු රෝගියෙකු හලාවත මහ රෝහලට රැගෙන ඒමෙන් වළකින ලෙසත් රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...