දිස්ත්‍රික්ක 7කට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි

Date:

දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.

අද (27) උදෑසන 9ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව නායයෑම් රතු නිවේදන බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් සඳහා නිකුත් කර තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 7ක් සඳහා නයයෑම් අනතුරු ඇඟවීම් අවදානම් නිවේදනද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇත.

එම ස්ථානයන් පහතින් දැක්වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)

බදුල්ල දිස්ත්‍රික්කය:
බදුල්ල, ⁠හාලි ඇල, ⁠කන්දකැටිය, ⁠පස්සර, ⁠මීගහකිවුල, ⁠ඌව පරණගම, ⁠වැලිමඩ

මහනුවර දිස්ත්‍රික්කය:
උඩපලාත, ගගවට කෝරළය, උඩුදුම්බර, දොළුව, මිණිපෙ, පාතහේවාහැට, මැදදුම්බර, දෙල්තොට, අකුරණ, ⁠ගඟ ඉහළ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය:
මාවනැල්ල, රඹුක්කන, ⁠අරණායක

කුරුණෑගල දිස්ත්‍රික්කය:
රිදීගම, ⁠මාවතගම, මල්ලවපිටිය

මාතලේ දිස්ත්‍රික්කය:
නාඋල, රත්තොට, අඹන්ගග කෝරළය, උකුවෙල, විල්ගමුව, යටවත්ත, මාතලේ, පල්ලෙපොල, ⁠ලග්ගල පල්ලේගම

මොනරාගල දිස්ත්‍රික්කය:
බිබිල, මැදගම

නුවරඑළිය දිස්ත්‍රික්කය:
වලපනේ, ⁠හගුරන්කෙත, නිල්දණ්ඩාහින්න, මතුරට, ⁠නුවර එළිය, කොත්මලේ බටහිර, ⁠කොත්මලේ නැගෙනහිර

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

බදුල්ල දිස්ත්‍රික්කය:
හල්දුම්මුල්ල, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ

මහනුවර දිස්ත්‍රික්කය:
පාතදුම්බර, යටිනුවර, තුම්පනේ, උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
ගලිගමුව, වරකාපොල, කෑගල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
පොල්ගහවෙල, නාරම්මල, අලව්ව

මොනරාගල දිස්ත්‍රික්කය:
බඩල්කුඹුර, වැල්ලවාය

නුවරඑළිය දිස්ත්‍රික්කය:
අඹගමුව, තලවකැලේ, නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය:
කොලොන්න, ඇලපාත, ⁠රත්නපුර, ⁠අයගම, ⁠බලන්ගොඩ, ⁠කලවාන, ⁠ඉඹුල්පෙ, ⁠කහවත්ත, ⁠නිවිතිගල, ⁠ගොඩකවෙල, ⁠ඇහැළියගොඩ, ⁠කුරුවිට, ⁠කල්තොට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

බදුල්ල දිස්ත්‍රික්කය:
⁠ලුණුගල, ⁠සොරණාතොට

හම්බන්තොට දිස්ත්‍රික්කය:
ඔකේවෙල, ⁠වලස්මුල්ල

මහනුවර දිස්ත්‍රික්කය:
⁠හාරිස්පත්තුව, පූජාපිටිය, ⁠පස්බාගෙ කෝරළය, ⁠පන්විල, ⁠හතරලියද්ද, ⁠කුණ්ඩසාලේ

කෑගල්ල දිස්ත්‍රික්කය:
⁠රුවන්වැල්ල, ⁠දැරණියගල, ⁠යටියන්තොට, ⁠බුලත්කොහුපිටිය, ⁠⁠දෙහිඹ්විට

මාතර දිස්ත්‍රික්කය:
පස්ගොඩ

රත්නපුර දිස්ත්‍රික්කය:
⁠ඇඹිලිපිටිය, ⁠ඹ්පනායක, ⁠වැලිගෙපොල, ⁠කිරිඇල්ල, ⁠පැල්මඩුල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...