ඩිජිටල්කරණ වැඩි දියුණු කිරීමට දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මිලියනය බැගින්

Date:

‘ප්‍රජාශක්ති’ යටතේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඩිජිටල්කරණ හැකියාව වැඩිදියුණු කිරීමට රුපියල් මිලියනය බැගින් ලබා දෙයි

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය ලැප්ටොප්, පරිගණක ඇතුළු තොරතුරු තාක්ෂණික යන්ත්‍රෝපාංග සහ සේවා මිලදී ගැනීමට මෙන්ම නිලධාරීන්ගේ ඒ ආශ්‍රිත ධාරිතා වර්ධනයට රුපියල් මිලියනය බැගින් ලබා දීමට රජය කටයුතු කර තිබේ.

මහජනතාවට වඩා යහපත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා දීමට හැකි වන පරිදි රාජ්‍ය සේවය නවීකරණය වත්මන් රජයේ ප්‍රමුඛ අපේක්ෂාවකි. ඒ අනුව, යල්පැනගිය ක්‍රමවේද, යන්ත්‍රෝපකරණ වෙනුවට ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ රාජ්‍ය සේවයක් ගොඩනැගීම උදෙසා මේ වන විට කටයුතු කරමින් සිටියි. තවද, මෙම වැඩපිළිවෙළ කොළඹට පමණක් සීමා නොකර දිවයිනේ සියලුම ප්‍රදේශවල සමස්ත රාජ්‍ය ආයතන පද්ධතිය කරා ක්‍රමයෙන් ව්‍යාප්ත කිරීම රජයේ අපේක්ෂාවයි.

ඒ අනුව, ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සමඟ එක්ව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය නවීකරණය සඳහා රුපියල් මිලියන 369ක මුදලක් ලබා දීමට කටයුතු කර ඇත. මේ ආකාරයට ප්‍රාදේශීය තොරතුරු තාක්ෂණ ධාරිතා වර්ධනයට සෘජුව මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. එසේම ඉදිරියේදී රජයේ ආයතනවල තොරතුරු තාක්ෂණ භාවිතය වැඩිදියුණු කිරීමට අවශ්‍ය සෘජු ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමටත්,ඒ සඳහා වාර්ෂිකව අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමටත් රජය අපේක්ෂා කරයි.

තවද, ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක කිරීමට සුදුසු සංවර්ධන ව්‍යාපෘති යෝජනා හඳුනා ගැනීම, ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම ඇතුළු කළමනාකරණ කටයුතු ඩිජිටල් වේදිකාවක් හරහා සිදු කිරීමට අපේක්ෂිත අතර, ඒ සඳහා වන තොරතුරු තාක්ෂණ පද්ධතිය පසුගිය දා එළිදක්වන ලදී. මේ යටතේ රජයේ ග්‍රාමීය සහ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් කාර්යක්ෂම කිරීම සහ විනිවිදභාවයකින් යුතුව ජනතාවට සමීපව ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...