ඉන්දු – පාකිස්තාන බෝම්බ පිපිරීම් මෙරටට අවදානමක් නෑ – අමාත්‍ය ආනන්ද විජේපාල

Date:

ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙරට බුද්ධි අංශ සක්‍රීයව පැවතීම හේතුවෙන් මෙරට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති බවය.

“දැනට එහෙම තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය වෙන්නේ නෑ. ලංකාවේ බුද්ධි අංශය සක්‍රීයව පවතිනවා. අපේ ආරක්ෂක අංශය විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂි අවධානයකින් පසුවෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෑ.”

විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පල කළේය.

ප්‍රශ්නය – පාතාල පිරිසක් ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්නවා කියලා කිව්වා නේද?

“නෑ එහෙම කිව්වේ නෑ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සමහර පිරිස් එහෙන් ඉවත් වෙන්න කැමතියි කියලා ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමා කිව්වේ. ජාවාරම්වල ඉන්න අය එයින් ඉවත් වෙන්න උත්සාහ කරනවා නම් ඒක යහපත් තත්ත්වයක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...