ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිදුවූ පිපිරීම

Date:

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඵෙතිහාසික රතු බලකොටුව ආසන්නේ මෝටර් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රතු බලකොටුව අසල මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කණුවක් අසල ඊයේ (10) පස්වරු 06.52ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අටවා තිබූ මෝටර් රථයක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති අතර පිපිරීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම පිපිරීමත් සමග මුම්බායි, කොල්කටා, බැංගලෝර්, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද් සහ උත්තර් ප්‍රදේශ් වල ආරක්ෂාව තර ඇති අතර ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සැලවූ සැනින් තමන් මහත්සේ කම්පනයට පත්වූ බවය.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පිපිරීම සිදුවූ ස්ථානයට පැමිණ ඒ පිළිබඳ සොයාබලා අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටා ඇති රතු බලකොටුව විශාල සංචාරක ආකර්ෂණයක් ඇති දිල්ලියේ ජනාකීර්ණම ස්ථානයක් ලෙස සැලකේ.

දිනපතා ලක්ෂ 4ත් 6ත් අතර පිරිසක් මෙම ස්ථානය නැරඹීම සඳහා පැමිණෙන බව වාර්තා වේ.

මේ අතර නවදිල්ලි අගනුවර සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි හර්යානාහි ෆරීදාබාද් ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900ක් පසුගිය 9 වන දින සොයාගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...