ලබන වසරේ හජ් වන්දනාවට ශ්‍රී ලංකාවෙන් 3500ක්

    0
    24

    2026 සඳහා වන ගිවිසුමට ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය ඊයේ (09) සෞදි අරාබියේ ජෙඩා නුවරදී අත්සන් තැබීය. ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර් සහ සෞදි අරාබියේ හජ් සහ උම්රා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අබ්දුල්ෆට්ටා බින් සුලෙයිමාන් මෂාට් යන මහත්වරුන මෙම ගිවිසුමට අත්සන් තැබීය.

    2026 හජ් උත්සවයට සහභාගී වන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට පහසුකම් සැලසීමට සහ සේවය කිරීමටදෙරටේ රජයන්ගේ අන්‍යෝන්‍ය අවබෝධය සහ කැපවීම මෙම ගිවිසුම මගින් දක්වා ඇත. අත්සන් කරන ලද ගිවිසුමට අනුව, ශ්‍රී ලංකාවට වෙන් කර ඇති නිල හජ් කෝටාව 3,500 කි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here