ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත සුළු පහළ යාමක්

Date:

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙසින් වාර්තා වී ඇත.

මෙය 2025 සැප්තැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ නිල සංචිත වත්කම් වටිනාකම වූ ඩොලර් මිලියන 6,244 හා සැසඳීමේ දී 0.4%ක සුළු පහළ යාමකි.

මෙම පහළ යාම සඳහා නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන, විදේශ විනිමය සංචිතය 2025 ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,179 සිට ඩොලර් මිලියන 6,100 ක් දක්වා 1.3%කින් අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

කෙසේවෙතත් 2025 ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 58 සිට ඩොලර් මිලියන 80ක් දක්වා 36.6%ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි. පසුගිය මාසයේ දී ගෝලීය රන් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙලෙස මහ බැංකුව සතු රන් සංචිතයේ වටිනාකම ද ඉහළ ගොස් තිබෙන බව විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...