මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
2026 අයවැය යෝජනා කරමින් ජනාධිපතිවරයා මෙලෙස පැවසීය,
- රුවන් පුර අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා මිලියන 1500ක්
- කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කිරීමට රුපියල් මිලියන දහසක්
- මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක්. මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වලට රුපියල් මිලියන 10500ක්
*සමුද්‍රීය මාර්ගය වැඩිදියුණු කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සඳහා මිලියන 330 ක්
*මාර්ග ආරක්ෂණ වැඩසටහන සඳහා තවත් රුපියල් මිලියන දහසක්




