ෆේස්බුක් පිටු මඟින් ව්‍යාජ පිංකම් පෙන්වා මුදල් වංචා කළ කණ්ඩායමක් අත්අඩංගුවට

Date:

‘පන්සිය පනස් ජාතක කතා වස්තුව’ ඇතුළු විවිධ නම්වලින් ෆේස්බුක් පිටු සකසා පිළිකා රෝගී දරුවන්ගේ තොරතුරු ඇතුළත් කරමින් විවිධ දැන්වීම් පළ කර ඉතා සූක්ෂම අයුරින් මුදල් වංචා කළ කණ්ඩායමක් පිළිබඳව විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (6 වැනිදා) දන්වා සිටියේය.

මෙම සැකකරුවන් පන්සිය පනස් ජාතක කතා වස්තුවට අමතරව ‘ස්වර්ණමාලි සෑරදුන් අභියස, ආශීර්වාද පූජා, පිරුණු හදවත්, නිවන් මඟට දහම් බිඳක්, මගේ බබාට කෑම, දරු සුරතල් ප්‍රමාද සැමට, Nursing Sri Lanka, යුරෝපයේ අපි නමින් ෆේස්බුක් පිටු සකසා ඒ ඔස්සේ පිළිකා රෝගී දරුවන්ගේ දැන්වීම් පළකරමින් මෙලෙස රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර තිබෙන බව අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටි​යේය.

පිළිකා රෝගියකු වන තම දියණියගේ ඡායාරූප, තොරතුරු හා විවිධ බැංකු ගිණුම් ඇතුළත් කර සමාජ මාධ්‍ය හරහා පළකර වංචනික අයුරින් මුදල් එක් රැස් කර තිබෙන බව සඳහන් කරමින් ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි අයකු විසින් කරන ලද පැමිණිල්ලක් ඔස්සේ කළ විමර්ශනයේදී අදාළ කරුණු අනාවරණය වූයේ යැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනවලදී අත්අඩංගුවට ගත් ඕපනායක දන්දෙනිය පදිංචි වලේබඩගේ චමිල් සඳරුවන්, රක්වාන පදිංචි බාදුරාදෙණිය ආරච්චිගේ මුසාන් ෂාමින්ද, ඕපනායක පදිංචි කුරුප්පු මුදියන්සේලාගේ හර්ෂ චතුරංග යන සැකකරුවන් තිදෙනා, එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පිළිකා රෝගී අයගේ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරමින් මෙවැනි වංචනික ක්‍රියා සිදුකරන බවට වන දැන්වීම් සහ අවශ්‍ය දැනුවත් කිරීම් පොලිසිය හරහා සිදුකරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් මිල පහළට

මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින...

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...