2025 වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර ලෙස ඉතිහාසයට ඒක්වීමට යයි

Date:

මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ඔක්තෝබර් 31 දා තෙක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 1 890 687 ක් පැමිණ තිබේ. ඒය 2018 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ඔක්තෝබර් 31 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය වන 1 885 045 ඉක්මවා යාමකි.

2018 වසර ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට වැදගත් වන්නේ එම වසර ශ්‍රී ලංකා ඉතිහාසය තුළ ලංකාවට වැඩිම සංචාරකයන්
ප්‍රමාණය පැමිණි වසර වන හෙයිනි. 2018දී ලංකාවට සංචාරකයන් 2 333 796ක් පැමිණ තිබේ.

ඒම අගය ඉක්මවා යාමට නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙක තුළ ශ්‍රී ලංකාවට තවත් සංචාරකයන් පැමිණීමට අවශ්‍ය වන්නේ 443109ක් පමණි.

2018 නොවැම්බර් හා දෙසැම්බර් මාස වලදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 448 751ක් පැමිණ තිබුණි. මෙම දත්ත ඳපිළිබව අවධානය යොමු කිරීමේදී 2025 වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන වසර ලෙස ඉතිහාසයට ඒක්වීමට වැඩි විභවයක් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරතෙල් මිල පහළට

රුසියානු බලශක්ති අපනයනයන්ට අදාළව පනවා තිබූ ඇතැම් සම්බාධක සහ...

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...