එක් ආහාර වේලක් වෙනුවෙන් ආහාර වේල් දෙකක මිල සැපයුම්කරු වෙත ගෙවලා

Date:

මාතලේ දිස්ත්‍රික් මහරෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය සදහා 2024 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුලදි සපයනු ලබන එක් ආහාර වේලක් වෙනුවෙන් ආහාර වේල් දෙකක මිල සැපයුම්කරු වෙත ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

මේ හේතුවෙන් මෙම කාලය තුලදි සැපයුම්කරුවට රුපියල් තිස්හයලක්ෂ, අනුපන්දහස්,අටසියහැත්තැපහක (3,695,875) මුදලක් වැඩිපුර ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. චක්‍ර ලේඛවලට අනුව රෝහල් කනිෂ්ඨ සේවකයින්ට දිවා ආහාර හෝ රාත්‍රි ආහාරය ලෙස එක් ආහාර වේලක් අතුලත්වන පරිදි අර්ධ ආහාර වටයක් ලබාදිය යුතුවේ. එහෙත් මාතලේ දිස්ත්‍රික් මහරෝහල විසින් සකස්කර නිකුත්කර තිබු ලංසු පත්‍ර යේ කණිෂ්ඨ කාර්යමණ්ඩලය සදහා සපයනු ලබන අර්ධ ආහාර වටයක් යන්නට දවල් සහ රාත්‍රි ආහාර ලෙස ආහාර වේල් 02ක් ඇතුළත්විය යුතු බවට දෝෂ සහගත ලෙස දක්වා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ හේතුවෙන් තෝරාගත් සැපයුම්කරුවිසින් අර්ධ ආහාර වටයක් වෙනුවෙන් ඉහළ මිල ගණන් දක්වමින් ලංසු ඉදිරිපත්කර තිබු බව මධ්‍යම රජයේ වෙනත් රෝහලක මිල ගණන් හා සැසදිමේ දි අනාවරණය වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ හේතුවෙන් 2024 වර්ෂයේ ඉතිරි මාස අට වෙනුවෙන්ද රුපියල් හැත්තැතුන්ලක්ෂ,අනුඑක්දහස් හත්සියපනහකට (7,391,750) ආසන්න මුදලක් වැඩිපුර ගෙවිමක් සිදුවිය හැකිව තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. වගකිවයුතු නිලධාරින් සැලකිලිමත්ව කටයුතු කළයුතු අතර නොසැලකිලිමත්ව කටයුතු කළ නිලධාරින් සම්බන්දයෙන් විනයානුකුල ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.

ආහාර සැපයිමේ කොන්ත්‍රාත්තුවට අදාළ ලංසු පත්‍රය මෙම මෙම අර්ධ ආහාර වටය එක් ආහාර වේලක් ලෙස නිවරදි කොට නැවත ලංසු පත්‍රය සංශෝධනය කොට ඇති බැව් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත. එම සංශෝධන ප්‍රසම්පාදන තිරණය ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කොට ඇති බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...