අලි වෙඩි සඳහා රුපියල් මිලියන 463ක්

Date:

ගම් වදින අලි පන්නා දැමීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වසරේදී (2025) අලි වෙඩි මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් සපයාගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද විමසීමකදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්කර ඇත්තේ දෙපාර්තමේන්තුව විසින් මේ වසර සඳහා අලි වෙඩි 2,090,000 ක් සපයාගෙන තිබෙන බවය.

ඒ සඳහා දෙපාර්තමේන්තුව විසින් වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 463 කි.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලි ගම් වැදීම වැළැක්වීම සඳහා විදුලි වැටවල් 437 ක් නඩත්තු කරන අතර, එම විදුලි වැටවල්වල දුර ප්‍රමාණය කිලෝමීටර් 5,643.53 කි. ඉන් වැඩිම විදුලි වැට සංඛ්‍යාවක් සකස් කර ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේය. එම සංඛ්‍යාව 85 ක් වන අතර, එම විදුලි වැටෙහි දුර කිලෝමීටර් 1173.19 කි.

මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා වූ කාලය තුළදී අලි මරණ 343 ක් වාර්තා වේ.

ඉකුත් 2010 වසරේ සිට මේ වසර දක්වා වූ කාලය තුළදී වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ 2023 වසරේදී වන අතර, එම සංඛ්‍යාව 488 කි. ඉකුත් වසරේදී මියගිය අලි සංඛ්‍යාව 388 කි.

මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා කාලය තුළදී වෙඩි වැදීමෙන් අලි 59 දෙනකු මියගොස් ඇති අතර, විදුලි සර වැදීමෙන් මියගිය අලි සංඛ්‍යාව 49 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...