වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 29 දෙනකු ස්ථාන මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය පෙරේදා පියවර ගෙන තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මීට අදාළ නියෝගය නිකුත් කර ඇත.
මේ අතරින් ස්ථානාධිපතිවරුන් 10 දෙනකුම සාමාන්‍ය රාජකාරී සඳහා විවිධ කොට්ඨාසයන් වෙත මාරු කර යවා තිබේ.
එසේම මේ සතියේදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේද ස්ථානමාරුවක් සිදුවීමට නියමිතව තිබෙන අතර තවත් උසස් නිලධාරීන් පිරිසක්ද මාරු කර යැවීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියා සිටියි.




