ලබන මාසයේ සිට අනුරාධපුරයෙන් කොළඹට කාර්යාල දුම්රියක්

Date:

උදෑසන 8ට පෙර අනුරාධපුර ජනතාවට කොළඹට ළඟාවීම සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට නව දුම්රිය ගමන් වාරයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ප්‍රවාහන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා මේ බව අනාවරණය කළේය.

මෙතෙක් අළුයම කාලයේ අනුරාධපුරයෙන් පිටත්ව කොළඹට ළඟා වීමට හැකි මුල්ම දුම්රිය වූයේ බෙලිඅත්ත බලා යන “රජරට රැජිණ” දුම්රියයි. එය කොළඹට ළඟා වන විට පෙරවරු 10.30 පසු වීම හේතුවෙන් කාර්යාල සේවකයින්ට සහ අනුරාධපුරේ සිට කාර්යාල වැඩ කර ගැනීම සඳහා කොළඹට යන ජනතාව දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව තිබුණි.

අනුරාධපුරයේ සිට කොළඹට යන මගියෙකුට මේ හේතුවෙන් කොළඹ රාජකාරියක් සිදු කිරීමෙන් අනතුරුව අනුරාධපුරයට පැමිණීමට සිදු වන්නේ රාත්‍රී කාලයේය. ඒ හේතුවෙන් ප්‍රවාහන පහසුකම් නොමැතිවීමේ අපහසුතාවටත් සහ අලින්ගෙන් සිදු වන උවදුරු වලටත් ඔවුන් ලක්වී තිබෙන අතර ඒ වෙනුවෙන් අවදානමක්ද ගැනීමට සිදු වී ඇත.

ලබන නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත අළුයම් දුම්රිය සේවාව එම මාසයේදී අත්හදා බැලීමක් වශයෙන් සතිඅන්තයේ කොළඹ සිට අනුරාධපුරයට ගමන් කිරීමටත් සති මුල අනුරාධපුර සිට කොළඹට ගමන් කිරීමටත් සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රවාහන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පැවසීය.

නව දුම්රියක් ආරම්භ කිරීමට අවශ්‍ය දුම්රිය එන්ජින් ලබා දීම දුම්රිය දෙපාර්තමේන්තුවට යම් අපහසු කාර්යයක් වී ඇති බැවින් දැනට සවස 6.05ට කොළඹින් මහව බලා පිටත්වන දුම්රිය දිගුවක් ලෙස අනුරාධපුරය දක්වා ධාවනය කිරීමට හැකි බවත් එය පොල්ගහවෙල දක්වා සීඝ්‍රග්‍රාමී දුම්රියක් ලෙස පවත්වමින් මහවට රාත්‍රී 9.30 පමණ ළඟා වන බවත් සදහන් වේ. එය අනුරාධපුරය දක්වා දිගු කළහොත් කාර්යාල සේවය කරන නිලධාරීන්ටත් මහජනතාවටත් මහත් අස්වැසිල්ලක් වනු ඇත.

එම දුම්රිය පාන්දර මහව ප්‍රදේශයෙන් පිටවීමට නියමිත අළුයම 4.50 වෙනුවට අනුරාධපුරයෙන් පාන්දර 3.30ට පමණ පිටත් වීම දැනට සැලසුම් වී ඇත.

බස් මගින් කොළඹට යෑමට දැරීමට සිදුවන විශාල මුදලට වඩා දුම්රියෙන් ගමන් කිරීමෙන් වැඩි මුදලක් ඉතිරි කර ගැනීමටත් රාජකාරි සිදු කර ඉක්මනින් පැමිණීමටත් මෙමගින් හැකි වන බව මගී ජනතාව පෙන්වා දුන්හ.

මෙම දුම්රිය ලබා දීමට රජය අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් තම ප්‍රසාදය පළ කරන බවත් මගී ජනතාව සහ කාර්යාල සේවය කරන නිලධාරීහු රජයට ප්‍රශංසාව හිමි කරන බවත් පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...