ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසන් මංගල්‍ය වන ඉල් මංගල්‍ය ලබන දෙසැම්බර් 04 වැනි දින පැවැත්වෙන බව කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතා සඳහන් කළේය.
සෑම වසරකදෙීම ඉල් මාසයේ පෝයට පමණක් සිදු කරන ලද ඉල් මංගල්‍ය මෙවර කල් දැමීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක සඳහන් කළේ කතරගම දෙවියන් ගේ සියලු පෙරහර මංගල්‍යයන් නැකැත් ශාස්ත්‍ර අනුව සිදු කරන බවයි.
මෙවර ඒ සඳහා නැකැත් යෙදී ඇත්තේ දෙසැම්බර් 04 වැනි පෝය දිනට බැවින් එදින මෙම පෙරහර පවත්වන බවද ඔහු පැවැසීය.
මෙම ඉල් මංගල්‍යය ආරම්භ කර ඇත්තේ දුටු ගැමුණු රජු විසිනි. මෙම ඉල් පෙරහර සිදු පැවැත්වීමේ අරමුණ රටේ ගොවි තැනට නිසි වැසි ජලය ලැබී භවබෝග අස්වැන්න සරු කර ගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම බව සොමිපාල ටී. රත්නායක කපු මහතා සඳහන් කළේය.




