ගජ මුතු විකිණීමට ගිය සංචාරක රියදුරෙකුට වැඩ වරදී

Date:

රුපියල් ලක්‍ෂ හැත්තෑවකට අලෙවි කිරීම සඳහා දඹුල්ලට රැගෙන විත් තිබූ ගජ මුතු දෙකක් සමඟ සැකකරුවෙකු ඊයේ (20) සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

හමුදා බුද්ධි අංශ සහ පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරින්ගේ තොරතුරක් මත , දඹුල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ගැනුම්කරුවන් ලෙස වෙස් වළාගෙන දඹුල්ල පැල්වෙහෙර රන්දෙණිය වැව ආසන්නයේදී සැකකරු ගජ මුතු දෙකත් සමඟ මෙම සැකකරු අඩංගුවට ගෙන තිබේ

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සංචාරක රියදුරෙකු ලෙස සේවය කරන තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

මෙම ගජමුතු වීදේශගතව සිටින ඥාතියෙකු හරහා තමන්ට ලැබුණු බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත් මෙම සැකකරු මෙවැනි ජාවාරම්වලට මීට පෙර සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇත්ද යන්න මෙන්ම මෙම ගජමුතු ඔහුට ලැබුණු ආකාරය පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය සඳහන් කළේය.

දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී. එම්. එන්.ජී .ජී . තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් මිල පහළට

මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින...

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...