රාජපක්ෂවරුන්ට දැඩි පියවර ගත යුතු බව සරත් ෆොන්සේකා කියයි

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ මාතර පැවති උත්සවයකදීය.

“මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගෙදර භාරදෙන්න කියලා තියෙනවා. මම දැක්කා ඊයේ ටිවී එකේ රාජපක්ෂලාගේ හෙන්චයියෙක් ඇවිල්ලා කට රවුම් කර කර බොහොම උජාරුවට කියනවා මේ ගෙදර තියෙනවාලු ජනාධිපති මන්දිරෙනුයි, අරලියගහ මන්දිරෙනුයි ගෙනාපු ලී බඩු උපකරණ මේවා ඒ අයි ඇවිත් අරගෙන යන්න ඕනේලු එතකොට ඉතුරුවෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. තමුන්නාන්සේලා හිතනවද ඒ ගෙදරට හිරමණයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලිවලින්. මම ආණ්ඩුවේ අධිකරණ ඇමතිනම්… මම පළවෙනියෙන්ම මහින්ද රාජපක්ෂ දාන්නේ අරලියගහ මන්දිරයේ තියෙන අර වටිනා දේපොළ මේකට ඉස්සුවාට. පැය 24න් ගිහිල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...