මෙරට ශ්‍රමිකයන්ට ඊශ්‍රායලයේ රැකියා අවස්ථා

Date:

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයන් ලියාපදිංචි කරගැනීම යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය සඳහන් කළේ පොදු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන්නන්, සෙරමික් ටයිල් වැඩ සහ කපරාරු කරන්නන් සඳහා කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රමිකයන්ට ලියාපදිංචි විය හැකි බවයි.

එමෙන්ම වයස අවුරුදු 25 – 45 අතර පිරිමි පුද්ගලයන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර තෝරා ගන්නා රැකියා කාණ්ඩයට අදාළ මනා පළපුරුද්දක් තිබිය යුතු බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

සුදුසුකම් සපුරා රැකියාව හිමිවන ශ්‍රමිකයන්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවන අතර, මසකට ඇමරිකානු ඩොලර් 1520ක වැටුපක් සහ අමතරව අතිකාල දීමනා ද හිමි වන බවයි වාර්තා වන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...