වී නිෂ්පාදනය ඉහළ ගියද සහල් මෙට්‍රික්ටොන් 130000ක් ගෙනල්ලා

Date:

මෙරට වී නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දි (2024) සියයට 4.1කින් ඉහළ ගොස් තිබුනද එම වර්ෂයේ දි සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ තිස්එක්දහස් ,තුන්සියතිස්අටක් (131,338) ආනයනය කොට ඇති බැව් මුදල්,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.

2023 වර්ෂයේ දි මෙරටට සහල් ආනයනය කොට ඇත්තේ සහල් මෙට්‍රික්ටොන් විසිනමදහස්,හයසියපහක් (29,605) වන අතර ඒ අනුව 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දි සහල් ආනයනය කිරිම සියයට 343.6කින් තියුණු ලෙස ඉහළ ගොස් ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දි වී නිෂ්පාදනය වී මෙට්‍රික්ටොන් හතලිස්හයලක්ෂ,අනුඅටදහස්,හාරසියපනස්හතරක් (4,698,454) දක්වා සියයට 4.1කින් ඉහළගොස් තිබුණි.වි නිෂ්පාදනය ඉහළ ගියද, එම වර්ෂයේ සහල් මිල විශාල වශයෙන් ඉහළයාම, ඇතැම් සහල් වර්ගවල සැපයුම සීමිතවිම,සහල්මෝල් හිමියන් හා සිල්ලර වෙළදුන් විසින් ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙළදපොළ හැසිරිවිම, යන හේතු නිසා සහල් ආනයනය කිරිමට රජයට සිදුවි තිබුණි. රජය විසින් 2024 වර්ෂයේ දි පොහොර සහනාධාර සැපයිම සදහා රුපියල් බිලයන 36ක මුදලක් වැයකොට තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...