දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කරමින් බේරේ වැවේ ජලතර ගුවන් තොටුපලක්

Date:

බේරේ වැව ජලතර ගුවන් තොටුපලක් (Water Aerodrome) ලෙස භාවිත කරමින් කටුනායක සහ කොළඹ අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමේ අවස්ථාව අද ( 03/10/2025) ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ‍අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ සැලසුමේ එක් පියවරක් වූ දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස මෙම කොළඹ – කටුනායක ගුවන් ගමන් ආරම්භ කරණු ලැබේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල ජලතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන සිනමන් ගුවන් සමාගම මෙම කොළඹ- කටුනායක ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලැබේ. කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණෙන සංචාරකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව හට කෙටි වේලාවකින් සුව පහසුව කොළඹ නගරය වෙත කාර්යක්ෂමව ගමන් කිරීමේ අවස්ථාව මෙම නව ගුවන් ගමන් ආරම්භයත් සමඟ උදා වනු ඇත.

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ‍ අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් රැගත් සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 මාදිලියේ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපලේ සිට Cinnamon Lake side Pire දක්වා මෙම සමාරම්භක ගුවන් ගමන ක්‍රියාත්මක කරන ලදී. එහි ප්‍රධාන ගුවන් නියමු ලෙස කපිතාන් ඉන්දික ප්‍රේමදාස මහතා සහ සහයක නියමු ලෙස ඉසුරු මුණසිංහ මහතා සහභාගි විය.

“අපි ආණ්ඩුවක් විදියට දේශීය ගුවන් සේවාවන් දියුණු කරන්න බලාපොරොත්තු වනවා. Cinnamon Air වගේ සමාගම් සියල්ලටම අපි ආරාධනා කරනවා පලාලි වගේ ගුවන් තො‍ටුපොල වලටත් දේශී ය ගුවන් වාර ආරම්භ කරන්න එන්න කියලා. අපි ආණ්ඩුවක් වශයෙන් ඔබට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට බැදී සිටිනවා” යැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටින ලදී.

2011/2012 වර්ෂ වල ශ්‍රි ලංකන් ගුවන් සමාගම ද ජලතර ගුවන්‍ ආරම්භ කරනු ලැබු අතර එවකට පැවති දැඩි ආරක්ෂක නියාමනයන් සහ දුෂ්කරතා හේතුවෙන් එම ‍ සේවාව අත් සිටවනු ලැබ ඇත. නව රජය පත් වීමත් සමඟම දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීම සහ නීතී රීතී ලිහිල් කිරීම මත එම සේවාව සැපයීමට සුදුසු පරිසරයක් නිරිමාණය වී ඇති බැවින් සිනමන් ගුවන් ‍ සේවය මෙම සේවාවන්‍ නැවත ආරම්භ කිරීම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමනයට මහත් රුකුලක් වනු ඇත. ජෝන් කීල්ස් සමූහයට අනුබද්ධිත ආයතනයක් වන සිනමන් ගුවන් සමාගම මේ වන විට නුවර, මඩකලපුව, සීගිරිය, කොග්ගල, වීරවිල, හැටන්, ත්‍රිකුණාමලය ආදී දේශීය සංචාරක ගමනාන්ත 10 ක් වෙත ගුවන් ගමන් සිදු කරනු ලබන අතර එමඟින් සංචාරක ක්ෂේත්‍රයට මහඟු අත් වැලක් සපයනු ලැබේ.

මෙම බේරේ වැව ආශ්‍රීත ජලතර ගුවන් තොටුපලට අමතරව නුදුරේදීම කොළඹ වරාය නගරය සඳහා ද මෙවැනි ජලතර ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා පරීක්ෂා කිරීම් සිදු කරමින් පසු වන බවද, කොළඹ නගරය සඳහා නව හෙලිකොප්ටර් නැවතුම් අංගන දෙකක් හදුන්වා දීම සඳහාද කටයුතු කරමින් පවතින බව ද මේ වන විට ජලතර ගුවන් තොටුපල 22 ක් නිසි පරීක්ෂා කිරීම් වලින් පසුව මෙහෙයුම් සඳහා අනුමත කර ඇති බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ‍අධිකාරිය පවසයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන් සේවා ‍ අමාත්‍ය බිමල් රත්නායක , වරාය සහ ගුවන් සේවා ‍ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසාය දිරි ගන්වමින් සංචාරක ව්‍යාපාරයට මුල්තැන දෙන අභ්‍යන්තර ගුවන් සේවා ‍ සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙලක් සිවිල් ගුවන් සේවා ‍ අධිකාරිය විසින් ක්‍රියාවට නංවා ඇත. මේ සඳහා සංචාරක අමාත්‍යතුමාගේ මඟපෙන්වීම යටතේ සංචාරක අමාත්‍යාංශය ද ආරක්ෂක ලේකම්තුමාගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂක අමාත්‍යාංශය ද ඉහත ක්‍රියාවලිය සඳහා සිය සක්‍රීය දායකත්වය එක් කර තිබීම හේතුවෙන් මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට දායක වුණු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අදහසයි.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා, වරාය සහ ගුවන් සේවා ‍ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා , සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් ( විශ්‍රාමික) සම්පත් තුයිය කොන්තා මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් ‍ සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා , ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් මහතා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ‍ අධිකාරියේ අධ්‍යක්‍ෂ ( ගගන යාත්‍රාංගන) රංගන සමන්ප්‍රිය මහතා , ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් වැවිලි සහ ප්‍රවාහන සමුහයේ සභාපති සාපීර් හසීම් මහතා , සිනමන් ගුවන් සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ශෝන් ඩිවයිට් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් විය.

දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.

අද පෙරවරු 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ.

ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,017.56ක් ලෙසින් සටහන්ව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...