එළවළු තොග මිල පහළට

Date:

පසුගිය සතියට සාපේක්ෂව ඊයේ (29 වැනිදා) එළවළු තොග මිල සියයට හැටකින් (60%) පමණ පහත වැටී ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ තොග වෙළෙන්දෝ පවසති.

මේ හේතුවෙන් එළවළු සඳහා නිසි මිලක් නොලැබෙන බවට ගොවීහු මැසිවිලි නගති.

දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ අනුශාසක ශාන්ත ඒකනායක පැවසුවේ, දෛනික තොග සැපයුම කිලෝග්‍රෑම් ලක්ෂ 15 – 20ක් දක්වා ඉහළ යාම මෙලෙස මිල අස්ථාවර වීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

තොග වෙළෙන්දන් සඳහන් කළේ එළවළු තොග සැපයුම සියයට 50කින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් එම අධික සැපයුම පහතරට හා උඩරට එළවළු මිල කඩා වැටීමට සෘජුවම බලපා ඇති බවත්ය.

සාමාන්‍ය පරිදි රට පුරා විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානවලට ප්‍රධාන නගරවලින් සහ උප නගරවලින් තොග ගැනුම්කරුවන් පැමිණි බවද වෙළෙන්දෝ වැඩිදුරටත් පැවසූහ.

ඊයේ (29 වැනිදා) ද බෝංචි ඉහළම මිලකට අලෙවි වූ අතර දිග වට්ටක්කා පහළම මිලට අලවි විය. බෝංච් කිලෝවක තොග මිල රුපියල් 200-300 කි. අමු මිරිස් 150-200, මාළු මිරිස් 150-250, තක්කාලි 80-100, කැකිරි 30-35 , රාබු 30-40, වට්ටක්කා 35-40 දක්වා තොග මිලකට අලෙවි විය.

මේ අතර දේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 120ක් දක්වා පහළ ගොස් තිබේ.

ආනයනික ලොකු ලූනු තොග වෙළෙඳපොළ ඉල්ලුමට අවශ්‍ය ලෙස අඩු මිලකට සැපයීම මෙසේ දේශීය ලොකු ලූනු ඉල්ලුම පහළ යාමට බලපා ඇති බව වෙළෙන්දෝ පෙන්වා දෙති. දිනකට දේශීය ලොකු ලුනු කිලෝග්‍රෑම් ලක්ෂ 02-03ක් පමණ තොග වෙළෙඳපොළට ලැබෙන බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...