ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම 2025 – 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ 10%කින් ඉහළ ගොස් තිබේ. එමෙන්ම එම ගුවන් සේවය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ මගීන් සංඛ්‍යාව 22% කින්ද, ධාරිතාව 10% කින්ද වර්ධනය වී ඇති බවයි.
එමෙන්ම පසුගිය වසරේ 69% ක් ලෙස දැක්වුනු කාලානුගතිකත්ව කාර්යසාධනය 74% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.
ඊට අමතරව, එන්ජින් නොමැතිවීම හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙයුම්වලින් ඉවත් කර තිබූ ගුවන් යානා දෙකක් නැවත සේවයට එක් කර ඇති බවත් ලබන වසර මුලදී තවත් ගුවන් යානයක් එලෙස නැවත සේවයට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේය.




