පෙම්වතා පහරදී ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ ලක්ෂ 60ක මුදලක් පැහැරගෙන

Date:

නිරූපණ ශිල්පිණියක වන සාරංගි සංගීතා හට පහරදී, බියවද්දා ලක්ෂ 60 ක මුදලක් බලෙන් ලබාගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

පසුගියදා (24) ඇය විසින් සිදුකර ඇති මෙම පැමිණිල්ලට අනුව, ඉකුත් 11 වෙනි දින ඇය ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු සමඟ කොළඹ 03 කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක් වෙත ගොස් තිබෙනවා.

අනතුරුව 12 වැනිදා රාත්‍රී කාලයේදී පෙම්වතා යැයි කියන පුද්ගලයා විසින් නිරූපණ ශිල්පිණිය බියවද්දා ඇයගේ ජංගම දුරකථනය ලබාගෙන එම ජංගම දුරකථනය ඔස්සේ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් ලබාගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන්.

එමෙන්ම ඇයට පහරදී තුවාල සිදුකර මරණ තර්ජනය කර ඇති බවත් සඳහන්.

පසුව නිරූපණ ශිල්පිණිය ඇයට ඇති වූ තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගොස්, පහර දුන් පුද්ගලයා තමාගේ ජීවිතයට කරදරයක් සිදු කරයි යන බියෙන් පැමිණිල්ල සිදු ක‍ර තිබේ.

කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...