හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා – හිටපු ජනපති මහින්ද

Date:

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයෙන් සම්මත වීමත් සමග රජයේ නිල නිවාස භාවිත කරමින් සිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට එම නිවෙස්වලින් ඉවත් වීමට සිදුව තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේ, හිටපු ජනාධිපතිවරයා අද (සැප්: 11) නිල නිවසින් පිටවන වන බව ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම නිවසින් ඉවත්ව තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස බලා පිටත් වීමට අපේක්ෂා කරන බව මනෝජ් ගමගේ පැවසීය.

කෙසේ වෙතත්, නිවස යළි රජය වෙත භාර දීම සඳහා සතියක පමණ කාලයක් ගත වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

“එකට වගේ ගෙදරින් පිට වෙනවා. අපි නිවස භාර දෙන්නේ සතියකින්. අර ඉන්ට්වෙන්ට්‍රි ටික ඔක්කොම සම්පූර්ණ කරලා. සර් අද තංගල්ලට යනවා නිල නිවසින් ඉවත්වෙලා.

මං හිතන්නේ හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා. හෙටින් පස්සේ ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් අඩු කරලා විදුලි බිල අඩු කරයි, පෙට්‍රල් මිල අඩු කරයි, පොල් ගෙඩියේ මිල අඩු කරයි, හාල් මිල අඩු කරයි… සියලු ම රටේ ප්‍රශ්න මම හිතන්නේ අදින් පස්සේ විසඳෙයි. ඡන්ද පොරොන්දුව මේ රටේ ජනතාවට නෙවෙයි එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට දීපු පොරොන්දුවක් ඉෂ්ට කළා අද දවසේ.”

මේ අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය ද කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් වී හොරගොල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවස වෙත යන බව හිටපු ජනාධිපතිවරියගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...