සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක් 

Date:

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක් පිහිටුවීමට බලතල ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

“සියලු නීති එක තැනකට ගෙනල්ලා අධිකාරියක් පිහිටුවන්න සූදූ ක්‍රීඩා නියාමන අධිකාරී පනතින් ප්‍රධාන වශයෙන් බලතල ලබාදෙනවා.ඉන් අදහස් වෙන්නෑ එම අධිකාරිය කැසිනෝ, සූදු කරන්න ලයිසන් දෙක එකක් බව. මේකේ තියෙන්නේ නියාමනය. ඒ නියාමනයට සියලු දේ අන්තර්ගත වෙනවා.

එම නියාමනයේ දී කුමන සූදු ක්‍රීඩා සඳහාද අවසර දෙන්නේ, අවසර දෙනවානම් ඊට යටත් සීමාවන්. ඒ වගේම ලබාදුන් ලයිසන් එකක් ඉවත් කරන්න, තහනම් කරන්න යනාදි සියලු කාරණා මේ යටතේ කරන්න පුළුවන්.සූදු ක්‍රීඩා සිදුකිරීමේ ඉන් සමාජයට මෙන්ම සංස්කෘතියට බලපෑම් තියෙනවා.

එනිසා සූදූ ක්‍රීඩා නියාමන අධිකාරීයේ තවත් වගකීමක් සූදු ක්‍රීඩා මගින් යම් ආර්ථිකම කාර්ය්‍යක් සිදුවෙන ගමන්ම, සමාජයට සංස්කෘතියට අහිරකර බලපෑමක් තියෙනවා නම් ඒ පිළිබඳවද අධ්‍යනය කර ඊට අදාළ විධි විධාන නිකුත් කිරීම.ඒ සඳහා ප්‍රතිපාදන මෙහි තිබෙනවා. මෙම පනතින් සිදුකරන දේ සරළව ගත්තොත් එන් සිදුකළේ සූදු ක්‍රීඩා හා සියලු කටයුතු එක් නීතියක් එක් ස්වාධීන අධිකාරියක් යටතේ කටයුතු කිරීම විධිමත් කිරීම” යැයි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...