සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට නව නීති

Date:

සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට තීරණයකර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ මෙම තීරණය ප්‍රධාන සාධක හයක් මත පදනම්ව ගෙන ඇති බවත් කිලෝමීටර 100ට වැඩි දුරක් ගමන් කරන වාහන සඳහා පිටත්වීමට පෙර මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්‍ය බවයි.

දුර ගමන් සේවා බස් ‍රථ මෙන්ම විනෝද චාරිකා,. විශේෂ චාරිකා සඳහා යන බස්‍ රථ සහ මගීන් 10ක් 20ක් පමණ රැගෙන යන වෑන් රථ සඳහාද මෙම යෝග්‍යතා සහතිකය අනිවාර්‍ය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම පරික්ෂාව සඳහා ටයර්, දර්පණ සහ තිරිංග වැනි අත්‍යවශ්‍ය පරීක්ෂා කිරීම් ඇතුළත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...

කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි

පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27%...

උල්කාපාත වර්ෂාව මෙවරත්

''ඔරියෝනිඩ්ස්''උල්කාපාත වර්ෂාව මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට ද රාත්‍රී අහසේ...