ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය නැවතත් ඉහළට.!

Date:

ලොව වඩාත් පිළිගැනීමක් සහිත ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය ‘SD/SD’ සිට ‘CCC+/C’ දක්වා ඉහළ නංවා තිබේ.

පසුගිය වකවානුවේ Fitch Ratings සහ Moody’s යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ නැංවීමට කටයුතු කළද, S&P Global Ratings විසින් එසේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට කටයුතු කර තිබුණේ නැත.

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නිකුත් කර තිබූ ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරය ප්‍රතිව්‍යූහගත කිරීමට ඒ දක්වා ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබීම මෙලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහංළ නොදැමීමට ප්‍රධාන හේතුව වශයෙන් S&P Global Ratings එහිදී සඳහන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අද (19) දින නිවේදනයක් නිකුත් කරමින් S&P Global Ratings පවසන්නේ, 2022 ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවත්, ඇතැම් සාර්ව ආර්ථික දර්ශක අර්බුදයට පෙර පැවති මට්ටම් ඉක්මවා යාමට මේ වන විටත් සමත්වී ඇති බවත්ය.

තවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රජයේ සහතික කළ බැඳුම්කර ඇතුළුව, තවමත් පැහැර හැර ඇති වාණිජ ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිටියද, කාලය ගෙවී යාම මත පදනම්ව, වත්මන් තත්වයන් යටතේ තවදුරටත් විසඳුමක් ලබා ගැනීමට නොහැකි බව S&P Global Ratings විශ්වාස කරන බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ණය සුදුසුකම් පිළිබඳ S&P Global Ratings ඉදිරි දැක්ම පිළිබඳ මතය වඩා හොඳින් පිළිබිඹු කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සඳහා විදේශ මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ‘SD/SD’ සිට ‘CCC+/C’ දක්වා ඉහළ දැමු බවත්, ඒ සමඟම දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම් ‘CCC+/C’ ලෙස තහවුරු කර ඇති බවත් S&P Global Ratings සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...