මනූෂ අල්ලස් කොමිෂන් කැදවයි.

Date:

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍ය අතර ඇති කරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා වැඩසටහන යටතේ 2023 නොවැම්බර් 05 වන දින අත්සන් කර ඇති ගිවිසුම අනුව මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායාල් රාජ්‍ය වෙත යැවීම සම්බන්ධයෙන් 2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හෙට (26) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසට කැදවීමක් සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් 2025.09.08 වන දිනද ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඒ මහතාව කොමිෂන් සභාව වෙත කැදවීම් කල නමුත් ඔහු විදේශ ගතවී සිටීම හේතුවෙන් ප්‍රකාශය ලබා දීම සදහා පැමිණීමට අපොහොසත් වී ඇත.

එබැවින් ඉහත කරුණු සම්බන්ධව ප්‍රකාශයක් ලබාදිම සඳහා හෙට‍ දිනයේ පෙරවරු 09.30 ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සභාවේ, ජාවත්ත පාර, කැප්පෙටිපොළ මාවතේ පැරණි ජාතික හැදුනුම්පත් කාර්යාල ගොඩනැඟිල්ලේ දෙවන මහලේ පිහිටා ඇති දූෂණ විමර්ශන අංශ iv වෙත පැමිණෙන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...