රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කිසිදු විශේෂ සහනයක් ඉල්ලා නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එන් වාට්ටුවේ තවදුරටත් රදවා සිටිනවා. විවිධ චෝදනාවන්වලට ලක්ව රක්‍ෂිත බන්ධනාගාරගත කළ රජයේ ඉහළ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද ඔහු සමග එම වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම වාට්ටුවෙන් පිටතට පැමිණීම සීමා කර තිබෙනවා. ඒ, සෙසු එම වාට්ටුවේ රඳවා සිටින සෙසු පිරිස සමග කතාබහ කිරිමට වැඩි වේලාවක් වෙන් කිරීම හේතුවෙන්. ඒ අනුව හිටපු අමාත්‍යවරයා සිය වාට්ටුවෙන් පිටත පැමිණෙන්නේ ඔහු බැලීමට පැමිණෙන අමුත්තන් මුණ ගැසීමට සහ නිවසින් ලබාදෙන ආහාර වේල ලබා ගැනීමට පමණක් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එමෙන්ම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු රඳවා සිටින එන් වාට්ටුවේ මීට පෙර රඳවා සිටි රැදවියන් බිත්ති මත ලියා ඇති කවි රාජිත සේනාරත්න මහතා මහත් ආසාවෙන් කියවා ඇති බවයි වාර්තා වුණේ. ඉන් ඔහු සිත්ගත් ඇතැම් කවි පිළිබද ඔහු බැලීමට පැමිණෙන ඇතැම් අමුත්තන්ට සහ බන්ධනාගාර නිලධාරින් සමගද සාකච්ඡා කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එලෙස කවි ලියූ රැඳවියන්ගේ සාහිත්‍ය රසය සහ කලාවට ඇති ලැදියාව සම්බන්ධයෙන්ද හිටපු අමාත්‍යවරයා එහිදී අදහස් දක්වන බවද බන්ධනාගාර ආරංචි පැවසුවා. හිටපු අමාත්‍යවරයා සිය වාට්ටුව තුළදී පුවත්පත් කියවීමට සහ රූපවාහිනිය නැරඹීමටද යම් වේලාවක් වෙන් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඉකුත්දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය වාට්ටුව තුළ සෙසු රැඳවියන් සමග සුහදව කාලය ගත කරන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

බන්ධනාගාරයේ රාජිත ගෙවන ජීවිතේ.
More like thisRelated
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...
QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්
ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...
ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්
මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...



