පාතාලය සහ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට තරුණ තරුණියන් හා ජනතාවගේ මැදිහත්වීම අත්‍යවශ්‍යයී – සමාජවාදී තරුණ සංගමය

Date:

පාතාලය සහ විෂමද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව සිදුකරමින් පවතින ක්‍රියාවලියට උපරිම සහාය පළ කරන බව සමාජවාදී තරුණ සංගමය පවසයි.

පාතාලය සහ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් ආණ්ඩුව සිදුකරමින් පවතින ක්‍රියාවලියට සහය පළ කිරීම වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එම මාධ්‍ය හමුව අද (10දා) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.

සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය සහෝදරයා ප්‍රකාශ කළේ, ආණ්ඩුව මේ වනවිට පාතාලයට හා මත්ද්‍රව්‍යයට පැවැති දේශපාලන සහාය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි. ඒ හේතුවෙන් විපක්ෂයේ බොහෝ පිරිස් කලබලයට පත්වී ඇති බවත්, මේ වන විට පාතාලය හා විෂ මත්ද්‍රව්‍යය ව්‍යාපාරය යොදා ගනිමින් දේශපාලන බලය පවත්වාගෙන ගිය පිරිස් වෙත සිය බලය සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බවත් මහේෂ් අඹේපිටිය සහෝදරයා ප්‍රකාශ කළේය.

විෂමත්ද්‍රව්‍යයට එරෙහිව කටයුතු කළ ව්‍යාපාරයක් ලෙස සමාජවාදී තරුණ සංගමය ඉදිරියේදීත් ආණ්ඩුව ගෙන යන විෂ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙලට උපරිම සහාය දක්වන බව ද ඔහු සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට දැරීමට ඇති සමස්ත සෞඛ්‍ය වියදමෙන් 22%ක් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ලෙඩ රෝග වලට ලක් වූ අයට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් යෙදවීමට සිදුව තිබීම ඛේදවාචකයක් බවයි. එබැවින් මෙම විෂමද්‍රව්‍ය ව්‍යාපාරය සහමුලින්ම අවසන් කරමින්, මෙරට තරුණ තරුණියන්ට වෙනත් මාවතක් විවර කිරීමේ වගකීම මෙම ආණ්ඩුව භාර ගෙන ඇති බවට ආණ්ඩුව විසින් ගෙනයන වැඩපිළිවෙල සාක්‍ෂි සපයන බව ද ඔහු සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සුරංග සංජීව සහෝදරයා පැවසුවේ, මිද්දෙනිය සිදුවීමට අදාලව සලකා බැලූ විට එහි පවතින දේශපාලන පසුබිම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි බවයි.

එම සිදුවීමට අදාළ තැනැත්තා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයකු බවත්, එවැනි පසුබිමක් යටතේ නාමල් රාජපක්ෂලා මාධ්‍ය හමු පවත්වාගෙන කරනු ලබන ප්‍රකාශයන් ලැජ්ජා සහගත ප්‍රකාශයන් බවත් ඔහු සඳහන් කළේය.

පාතාලය සහ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් මෙරට තරුණ තරුණියන් හා සියලුම ජනතාවගේ මැදිහත්වීම ද අත්‍යවශ්‍ය බවත්, පාතාලයේ සහ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම වෙනුවෙන් ආණ්ඩුවට සහාය දැක්වීමට පුරවැසියාට ද වගකීමක් පැවරෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුව සඳහා සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා, සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සුරංග සංජීව සහෝදරයා සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...