නා උයන ආරණ්‍ය සේනාසනයේ අපවත් වූ හිමිවරු ගණන 07ක්.

Date:

කුරුණෑගල, මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී ස්වාමීන් වහන්සේලා 07 නමක් අපවත් වෙයි. මෙම අනතුර සිදුවන අවස්තාවේදි එම ඩක්කුවේ ස්වාමීන් වහන්සේලා 13 නමක් සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුරින් අපවත් වූ ස්වාමීන් වහන්සේලා අතර රුසියානු ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ කාම්බෝජ හිමිනමක් සිටින බව පොලීසිය සඳහන් කරයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ස්වාමීන් වහන්සේලා මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පන්සිලුගම, මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනය ආශ්‍රිතව සිදුවූ කේබල් රථ අනතුරෙන් අපවත්වූ භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව සත් නමක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (24) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති අතර, භික්ෂූන් වහන්සේලා 13 දෙනෙකු පමණ රැගත් කේබල් රථය දෝෂයකට ලක්ව කඩා වැටී ඇත. අපවත්වූ භික්ෂූන් වහන්සේලා අතරින් දෙදෙනෙකු විදේශික භික්ෂූන් වහන්සේලා බව වාර්තා වන අතර, උන්වහන්සේලාගේ දේහයන් ගොකරැල්ල දිස්ත්‍රික් රෝහලේ තැන්පත් කර තිබේ. අනෙක් භික්ෂූන් වහන්සේලාගේ දේහයන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

මෙම අනතුරින් තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් බරපතල තුවාල ලබා ඇති අතර, උන්වහන්සේලා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...