නවීන ගුවන්ගතකිරීමේ තාක්ෂණය චීනයෙන්.

Date:

නවීන ගුවන්ගතකිරීමේ තාක්ෂණ ක්‍රමවේදයක් අත්හදාබැලීමට චීන නාවික හමුදාව පසුගියදා කටයුතු කළේය.ඒ චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා විහිදුම් තාක්ෂණ ක්‍රමවේදයක් ලෝකයේම අවධානය දිනාගත්තේය. එහිදී නවීන විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ විහිදුම් ක්‍රමවේදයක් අත්හදා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එම අත්හදාබැලීම සිදුවූයේ ෆූජියෑන් යුද නෞකාවේ සිටය.

එහිදී නවීන ඉලෙක්ට්‍රො මැග්නටික් එනම් විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ විහිදුම් ක්‍රමවේදයක් යටතේ එරට නෞකා ප්‍රවාහන යාත්‍රාවක සිට ගුවන් යානා කිහිපයක් ගුවන්ගත කෙරුණි.මෙලෙස ගුවන්ගත කෙරුණේ J-15T, J-35 සහ කොන්ජින් – සික්ස්හන්ඩ්‍රඩ් නම් ප්‍රහාරක යානා තුනකි.

මේ වසරට යෙදී තිබුණු ජපාන ආක්‍රමණය පැරදවීමේ 80 වැනි සංවත්සර උත්සව අතරතුර පවා ප්‍රදර්ශනය කළ මෙම යානා මේ සඳහා යොදාගැනීම කාගේත් අවධානයට ලක්විය.

චීනය සැලකෙන්නේ මෑතකාලීනව ගුවන්යානා රැගෙන යා හැකි නෞකා නිෂ්පාදනයේ කැපී පෙනෙන දියුණුවක් අත්පත් කරගත් රාජ්‍යයක් ලෙසය.ඒ යටතේ සිදුකරන චීන යුද නෞකා නිපදවීමේ වැඩසටහනේ තෙවැනි නෞකාව වන්නේ ෆූජියෑන්ය.

2024 වසරේදී සාගර මෙහෙයුම් ආරම්භ කළ එම නෞකාව වාර්තා අතරට එක්ව ඇත්තේ අමෙරිකාවෙන් පිටත නිපදවූ විශාලතම සහ වඩාත්ම දියුණු තාක්ෂණයෙන් යුතු ගුවන්යානා ප්‍රවාහන නෞකාව ද ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...

ෆේස්බුක් හරහා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්

මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන...