දෙපාර්තමේන්තුවක් සතු වාහන 96ක් අතුරුදන්

Date:

මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව තිබු වාහන 96ක තොරතුරු කිසිවක් සොයා ගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු වලට අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නමට වාහන 384ක් පවතිත බව සදහන්වේ. එහෙත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන අංශයේ තොරතුරු වලට අනුව පවතින වාහන සංඛ්‍යාව 326කි.ඒ අනුව දෙපාර්තමේන්තුව සතු වාහන 96ක් වාහන ලැයිස්තුවේ ඇතුලත් නොවන බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ඉන් වාහන 04ක් 2006න් පසු වාහන වන අතර ඉතිරි වාහන 1957ත් 1996ත් අතර කාලයේ දි ලියාපදිංචි කළ වාහන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

දෙපාර්තමේන්තුව සතුව නොපවතින වාහන සම්බන්දයෙන් උපදෙස් ලබා ගනිමින් මෙම තත්ත්වය නිවරදි කරගැනිමට කටයුතු කරමින් පවතින බව මිනින්දෝරු දෙපාර්ත්මේන්තුවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත. මේ පිළිබද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත් කිරිමට කටයුතු කරණ අතර එම වාහන මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් ඉවත් කිරිමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබදව උපදෙස් ලබාගැනිමට කටයුතු කරමින් පවතින බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.

මෙම වාහන සම්බන්ද ගොණු ඉතා පැරණි එවා බැවින් ලේඛනාගාරය ද ඇතුලුව පරික්ෂා කිරිමට සිදුවු බැවින් නිවරදි කරගැනිම සදහා පමාවු බව ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත. මිනින්දෝරු දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...