ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතී

Date:

බඩ ඉරිඟු ආනයනය සීමා වීම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව ඇණහිට තිබේ.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පැවසුවේ, ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රින් ටොන් දහ අට දහසක් ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය වූ බවයි.

එහෙත්, ආනයන පාලක ජනරාල්වරයා ඊට සංශෝධන ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පැවසුවේ, එම සංශෝධන ඇතුලත් නව කැබිනට් පත්‍රිකාව ලබන 7 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා තෙක්, බඩ ඉරිඟු ආනයනය සීමා කර ඇති බවයි.

ඒ හේතුවෙන් පසුගිය 21 වැනිදා සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය ඇණහිට ඇතැයි සභාපතිවරයා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, ලබන 7 වැනිදායින් පසු බඩ ඉරිඟු ආනයනය ආරම්භ කිරීමත් සමග ත්‍රිපෝෂ නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

දැනට නිෂ්පාදනය කර ඇති ත්‍රිපෝෂ තොග දිවයිනපුරා බෙදාහරිමින් සිටින බව ද ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...