ඕස්ට්‍රෙලියාව බරපතළ අවදානමක.

Date:

2050 වසර වන විට වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ඕස්ට්‍රෙලියානු ජාතිකයින් මිලියන 1.5කට මුහුදු මට්ටම ඉහළ යාමේ හේතුවෙන් අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බව එරට දේශගුණික වාර්තාවක් උපුටා දක්වා තිබේ.

ඒ අනුව ඕස්ට්‍රෙලියානු ජාතිකයින්ට ගංවතුර, සුළි සුළං, තාප තරංග, නියඟය සහ ලැව්ගිනි යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පැවතිය හැකි බව අදාළ වර්තාව මගින් පුරෝකතනය කර ඇත.

එරට දේශගුණික විපර්යාස අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසන්නේ දැනටමත් ඕස්ට්‍රෙලියානු ජාතිකයින් අදාළ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දී සිටින බවය.

මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට ළගා වී ඇති අතර එය සෙල්සියස් අංශක 3 වුවහොත් උෂ්ණත්වය හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව සියයට 400ක් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවද අදාළ වාර්තාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් මි.මී. 100ක පමණ තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම...

බොරතෙල් මිල පහළට

රුසියානු බලශක්ති අපනයනයන්ට අදාළව පනවා තිබූ ඇතැම් සම්බාධක සහ...

කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ

රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

කාවන්තිස්සට ප්‍රතිකාර කල වෛද්‍ය ඉසුරු ඉල්ලා අස්වෙයි

වයඹ වනජීවී කලාපීය පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ සිය තනතුරෙන්...